-
අවශ්‍ය ඕනෑම වෙලාවක නිරෝධායනටය යන්න සූදානම් වී ඉන්න- රජය දැනුම්දෙයි…
මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුල්වල අය ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් සිය නිවෙස් වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී ඇත.
එමෙන්ම මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බව රජය දැනුම් දී තිබේ.
මීට අදලා උපදෙස් අදාළ පවුල්වලට ලබා දෙනු ඇති බව රජය කියයි.
දැනට දිවුලපිටිය, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සවස 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
මේ වනවිට බ්‍රැන්ඩික්ස් කම්හලේ කොරෝනා ආසාදිත සේවිකාවක් නිසා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොලිස් බල ප්‍රදේශයේ ඉද්දපොල සහ කුඩාහරස්ගල ගම්මාන දෙක මුලින්ම වසා 28 දෙනකු නිවෙස් වලම නිරෝධයට ලක්කර පොලිස් ආරක්ෂාව දමා ඇත. එම කාන්තාව මඩකලපුව රෝහලේ කොරෝනා ප්‍රතිකාර අංශය වෙත යොමු කර තිබේ.
වවුනියාවේ සාලම්බකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණියකට ද කොරෝනා ආසාදිත වී ඇත. යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ කොරෝනා ආසාදිත තරුණියගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායන සඳහා යොමු කර තිබේ.