මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු-
මිනුවන්ගොඩ ගම්මාන 03කට සංචරණ සීමා පැනවේ… ගම්පහ ගම් 6කට සංචරණ සීමා…
මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මිනුන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සී.පී. විජේසූරියෙ පැවසීය.
ඊයේ රාත්‍රියේ සිට මේ සංචරණ සීමා යොදා ඇත්තේ හැලකන්දන, පේරලන්දවත්ත, ගණිහිමුල්ල ග්‍රාමසේවා වසම් වලටය.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් හා ආශ්‍රිතයන් වැඩි වශයෙන් හමුවීම නිසා මේ සංචරණ සීමා පැනවූ බව පොලිසිය කියයි. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පොලිස්බල ප්‍රදේශයේ ගම්මාන තුනකටත්, වේයන්ගොඩ පොලිස්බල ප්‍රදේශයේ ගම්මානයකටත්, මීරිගම පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන දෙකකටත් ලෙස ගම්මාන 06කට සංචරණ සීමා පනවා තිබේ..