සංවේදී නායකයන්ට රටවල් හදන්නට බැරි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (17) මාධ්‍යයට කීවේය.
තමන් සංවේදී නාකයෙක් නොවූ බවත්, ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්.ජයවර්ධන සංවේදී නායකයන් නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
ලෝක ඉතිහාසයේ රටවල් ගොඩ නැගුණ හැටි උදාහරණ ලෙස ගත්විට මැලේසියාව ගොඩනැගූ මහතීර් මොහෙමඩ්, චීනය ගොඩනැගූ මා ඕ සේතුං, සිංගප්පූරුව නිර්මාණය කළ ලී ක්වාං යූ වැනි නායකයන් දැඩි ප්‍රතිපත්ති මත පිහිටා වැඩ කළ ප්‍රායෝගික නායකයන් මිස හැඟීම්බර පුද්ගලයන් නොවන බව පෙන්වා දුන්නේය.