සමන්තිකා වීරවර්ධන –
පස්සර මාරක බස් රථ අනතුර සිදුකළ රියදුරු සුළු තුවාල සහිතව බේරී තිබේ.
ඔහු බස්රථය පෙරළෙන විට ඉන් පැන ත්රීවිල් රථයක නැගී පස්සර දිසා රෝහලට ගොස් ප්රතිකාර ගෙන ඇත. මේ තැනැත්තාගේ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධව පොලිස් මාධය ප්රකාශකවරයාත් අනතුර සිදුවූ අවස්ථාවේදීම ප්රකාශයක් කළේය.
බස් රථය ධාවනය වන අකාරය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන ද දැන් නිකුත් වී ඇත.
ඒ සමගම බස් රථයේ ගමන් ගත් පස් හැවිරිදි දැරියක් සීරීම් තුවාලයක් හෝ රහිතව බේරී ඇතැයි බදුල්ල රෝහල් ආංචි මාර්ග පවසයි. තුවාලයක් රහිව බේරී තිබුණේ බස් රියේ ගමන් ගත් ඒ කුඩා දැරිය පමණි. මේ වනවිට මරණ 15ක් අනතුර නිසා සිදුවී තිබේ.
මේ එම අනතුර සිදුවන ආකාරයයි..