දිනසේන රතුගමගේ
මීට වසර විස්සකට පෙර යාපනයේදී වෙඩිතැබීමෙන් හා බෝම්බ ගැසීමෙන් ඝාතනයට ලක්වූ දේශීය හා විදේශීය යාපනය ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම්ගේ ගුණ සැමරුම් උත්සව 19 දා උතුරේ සෑම පළාතකම සංවිධානය කොට තිබුණි.
2000 ඔක්තෝබර් මස 19 දා රාත්‍රී යාපනයට ඇදිරි නීතිය පනවා තිබූ අවස්ථාවකදී යාපනයේ කොලුම්පුතුරෙයි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීම ඔහු මේ ප්‍රහාරයට ලක් වී ඝාතනය වූ අතර ඒ සම්බන්ධයෙන් එවකට යාපනයේ සිටි ඊ.පී.ඩී.පී.සංවිධානයේ සාමාජිකයින් කීප දෙනෙකුට නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.
ඔවුන්ට අයත් දමා ගිය පාපැදියක් අත් අඩංගුවට ගැනීමෙන් පසුව නිමලරාජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු පොලීසිය අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුවේ තීන්දුව මේ දක්වා ප්‍රකාශයට පත්වී නොමැත.
උතුරේ ජන මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන ගණනාවක් එකතුව නිමලරාජන්ගේ ගුණ සිහි කිරීම පිණිස ගුණ සමරු උළෙලවල් රැසක් සංවිධානය කොට තිබුණි.