මාතර – සම්පත් –
ඡන්ද අක්‍රමිකතාවයක් සිදුවී ඇතැයි පවසමින් මාතර වල්ගම මඩිය ප්‍රදේශයේ කාන්තාවක් මාතර මැතිවරණ තේරීම් භාර නිලධාරි වරයාට පැමිණිලි කර තිබේ .
මාතර ඊ ඡන්ද කොට්ඨාසයේ මඩිහ නැගනහිර ඡන්ද මධ්‍යස්ථානය මඩිහ ශ්‍රී ධර්මවංශිකරාම විහාරස්ථානයේ පැවැත්වූ අතර අද සවස 2.00 ට පමණ මෙම පැමිණිලිකාර කාන්තාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එම ඡන්ද මධ්‍යස්ථානයට ගිය විට එහි නිලධාරීන් පවසා ඇත්තේ අද දහවල් කාලයේ කාන්තාවක් පැමිණ ඡන්දය ප්‍රකාශ කළ බවයි .
ඒ අනුව එම කාන්තාවට නිල් පැහැති ඡන්ද පත්‍රිකා ආකෘතියක් ලබා දී ඇති අතර එම ආකෘතිය මගින් ඇය ඡන්දය භාවිත කර තිබේ. එහෙත් තමාට අසාධාරණයක් සිදුවී ඇතැයි පවසමින් ඇය විසින් බුද්ධික පතිරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට දැනුවත් කිරීමෙන් පසු මෙය පැමිණිලි කර තිබේ.
මෙම ඡන්ද මධ්‍යස්ථානය අසලට බුද්ධික පතිරණ හිටපු අමාත්‍යවරයා පැමිණ මේ බව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූයේ මෙම කාන්තාවට සහ තවත් කෙනෙකුට මෙවැනි ම අසාධාරණයක් සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු මෙම නිලධාරීන් ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි ප්‍රශ්න කලේය .
මෙසේ පැමිණිල්ල යොමු කර ඇත්තේ දික්වැල්ල විදානගේ ගංගා දිල්හානි ල්වා නමැති කාන්තාවකි . ඇයද මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ තමා සවස 2.00 ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේ දී කිසියම් කෙනෙකු තමාගේ ඡන්දය භාවිත කර ඇති බව නිලධාරීන් පැවසූ බවයි.
එහෙත් තමාට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව ඇය පැවසීය .