මාතර – සම්පත් –
මාතර උයන්වත් ආසිරි රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්, එම රෝහලේ මුළුතැන් ගෙයි සේවකයෙක්, රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනක් හා උපස්ථායිකාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී සිටිය දී රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අංශවලට නොදන්වා සඟවමින් රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය හා චැනල් සේවාවන් සිදුකරගෙන ගොස් ඇතැයි මාතර මහ නගර සභාව මාතර පොලිසියට පැමිණිල්ලි කර තිබේ.
රෝහල පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නීති රෝහල් පාලනාධිකාරියට ලබාදී තිබියදී එය නොසලකා ඊයේ (11) දින ද මෙම රෝහලේ චැනල් සේවාවන් පවත්වාගෙන ගිය බව ද මාතර පොලිසියට පැමිණිලි ලැබ ඇත.
මාතර මහ නගර සභාවේ නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම රෝහලේ කටයුතු තාවකාලික නතර කර විෂබීජහරණය සිදු කිරීමට දැන් කටයුතු කර ඇත.
තවදුරටත් රෝහල් පාලනාධිකාරිය අත්තනෝමතිකව කටයුතු කළහොත් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒත් මෙම පෞද්ගලික රෝහලේ පාලන අධිකාරිය පවසන්නේ වෙනත් පෞද්ගලික රෝහලකට වාසි ලබා දීම වෙනුවෙන් තම රෝහලට ප්‍රහාරයක් එල්ල කරන බවය.
කෙසේ වෙතත් ඉහළ දේශපාලන අධිකාරියේ අනුග්‍රහය ඇතිව මෙම පෞද්ගලික රෝහල සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග නොතකා කටයුතු කරන බවද චෝදනා එල්ල වේ. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් පන්සියයකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම මෙම වසංගත තත්ත්වය පැතිර තිබේ