දිනසේන රතුගමගේ
අධික වර්ෂාව නිසා වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි ඌරුකුලම් වැව කැඩී යාමත් සමගම පහත් බිම්වල පිහිටි කුඹුරු අක්කර 200ක් පමණ ජලයෙන් යට වී තිබේ.
වැව් කණ්ඩිය වෙන් වී එම ස්ථානයෙන් වැවේ ජලය ඇල වේලි ඔස්සේ පහත් බිම් කරා ගලා යමින් පවතින අතර වැවේ ජලය වැඩි නිසා ඇලවේලී නොමැති ස්ථාන වලින්ද ජලය ගලා ගොස් පහත් බිම් යටවෙන්නට පටන් ගෙන ඇත.
නමුත් කැඩී ගිය වැව් බැම්ම වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර වාරිමාර්ග නිලධාරීන් ගම්වාසීන් සමග වැව් කණ්ඩියේ කැඩී ගිය කොටස වැලි කොට්ට අතුරා ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.