මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්, එඑක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු 08 දෙනෙකු මෙම මස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුවකට අනුවය.
කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබීය.
ඉන් අනතුරුව විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට විරෝධය දැක්වූවාය.
සැකකරුවන් මෙම මස 23 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ ඒ අනුවයි.