කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරිමට පියවර නොගෙන තවමත් මෘත ශරිරාගාරයේ ශීතාගාර තුළ තබා තිබීම සෞඛ්‍යයට තර්ජනයක් බැවින් සේවය කල නොහැකි බව පසමින් මහනුවර ජාතික රෝහලේ මෝචරියේ සේවක මණ්ඩලය වැඩවර්ජනය කිරිමට තීරණය කර ඇත.
මේ පසුබිම තුළ මේ වන විට මරණ පරික්ෂණයට ලක්කළ යුතු මළසිරුරු පහක් මෘත ශරිරාගාරයේ තබා ඇති අතර ඒවායෙහි පරික්ෂණ අවසන් කර ගත නොහැකි තත්ත්වයක් පවතින බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම් පැවසීය. කොවිඩ් ආසාදිත මළ සිරුරු දෙකක් මෘත ශරිරාගාරයේ තබා ඇති බැවින් සේවක මණ්ඩලය සේවයට පැමිණිමට මැලි කරන බව ද හෙතෙම කීය
මෙම තත්ත්වය වහා නිරාකරණය කර ගැනීමට පියවර නොගත හොත් , රෝහලේ මෘත දේහ ගොඩගැසීමට ඉඩ ඇතැයිද ඔහු කීය.