මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ නවතා තිබූ මෝටර් රථයක වීදුරුවක් අද දහවල් කඩා ඒ තුල තිබු දෑ සොරාගෙන ගිය පුවතක් වාර්තා වේ.
මෙම සොරකම සිදුකොට ඇත්තේ මහනුවර ජාතික රෝහලේ නිත්‍ය භෞත චිකිත්සක නිළධාරියකුට අයත් මෝටර් රථයකිනි.
එහි ගඩොල් ගසා වීදුරු කඩා බිඳ දමා ඇත.
ඒතුළ මුදල් ඇත්දැයි සොයා තිබෙන බවට සැකමතුවි ඇතැයි රෝහල් පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් අදාල නිළධාරියා රෝහල් පොලිසියට පැමිණිලි කොට ඇති අතර රෝහල් ආරක්ෂක අංශයට මේ සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් ලැබී නැති බවද දැනගන්නට ඇත.
ජාතික රෝහලේ සීසීටීවි කැමරා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රෝහලට ඇතුළු වන ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇති කැමරා පමණකි.
අක්කර පනස් දෙකකට වැඩි භූමියක් සහිත මෙම ජාතික රෝහල් පරිශ්‍රයේ සෙසු කැමරා අක්‍රියව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියාසිටියි.
ටොයොටා ඩුවට් වර්ගයේ මෝටර්රථයට මෙලෙස ගඩොලයකින් ගසා ඒ තුල තිබු ලියකියවිලි ඇතුළු දෑ රැගෙන ගොස් ඇත.
එම ලියකියවිලි සියල්ල මහනුවර පේරාදෙණිය අලුත් පාරේ විලියම් ගොපල්ලව මාවත ඉහළ කොටසේ දමා ගොස් තිබි හමුවි ඇත.
මහනුවර රෝහල් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.