මහනුවර බූවැලිකඩ කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමට වැය වේ යැයි ඇස්තමේන්තු ගත කළ රුපියල් ලක්ෂ 28 ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට පියවර ගෙන ඇත.
එම මුදල මේ වන විට මුදල් අමාත්‍යාංශයේ මගින් අනුමත කර ඇති අතර ඒ අනුව මහනගර සභාව මගින් එම සුන්බුන් ඉවත් කිරීමට නියමිතය.
මේ වනවිට මහනුවර නාගරික කොමසාරිස්වරයාව සිටි චන්දන තෙන්නකෝන් මහතා මහනුවර දිසාපතිවරයා ලෙස පත්ව ඇත.
නව නාගරික කොමසාරිස්වරයා පත් වූ සැනින් මෙම සුන්බුන් ඉවත් කිරීම ආරම්භ වනු ඇතැයි මහනුවර නගරසභාවේ ආරංචිමාර්ග ලංකාසරට පැවසීය.