මහනුවර අවදානමට ලක්ව ඇති ගොඩනැගිලි 14 අතුරින් මාරක අවදානමට ලක්ව ඇති අංක එකේ ගොඩනැගිල්ල සිසු දරුවන් 4000ක් පමණ සහභාගී කරවා ගනිමින් පුද්ගලික පන්ති පවත්වාගෙන යන මහනුවර බහිරවකන්ද පාරේ JWA නැමැති අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ල බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ගොඩනැගිල්ල දෙදරා ගොස් කොන්ක්‍රීට් අස්තරණයට මුක්කු තබා ඇති බවත්, නිශ්චිත ක්‍රමවේදයක් තුළ සංරක්ෂණය නොකර මහල් දෙකක පන්ති පවත්වන බවත්, මේ සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත.
තරුණ ජීවිත දහස් ගණනක් බරපතල අවදානමකට ලක් කර ඇති මේ වගකීම් රහිත ඉදිකිරීම සම්බන්ධව මූලික විමර්ශන සඳහා ලබන අඟහරුවාදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ගෙන්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
කියවන්න…
මහනුවර නගර සීමාවේ කිසිදු අවසරයක් නැති ඉදිකිරීම් තුන්දහසකට වැඩියි