“මම කාලි. මම ඔබ වහන්සේගේ අම්මා“ කියා අටමස්ථානාධිපති හාමුදුරුවන් ළඟ කෑ ගැසූ පුද්ගලයා වෙත සමහර රූපවාහිනී නාලිකාවල කැමරා එල්ල නොවූ බවත් මේ නාළිකාවලින් එකක් විද්‍යාත්මකව තහවුරු නොකළ පැණියක් කොරෝනා රෝගයට සුදුසු බවට ප්‍රවර්ධනය කළ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක පවසයි.
විද්‍යාත්මක ව තහවුරු කිරීමටත් පෙර කෑගල්ලේ ධම්මික මහතා විසින් සාදන ලද කොරෝනාවලට සුවය ගෙන දෙන බවට පැවසූ පැණිය ප්‍රවර්ධනය කිරීම පසුපස එක්තරා නාළිකාවක් සිටින බවත් ඔහු සඳහන් කළේය.
මෙම පැණිය පාර්ලිමේන්තුවට ගෙන ගොස් කථානායකවරයාට සහ තවත් ඇමතිවරුන්ටද ලබා දී ඇති බවත් පැවසූ රන්ජන් රාමනායක මෙවැනි දේවල් සිදු නොවිය යුතු බව සඳහන් කළේය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවට පෙනී සිටීම සඳහා අද දින කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීය.
ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන විනිසුරන් හමුවේ විභාග වූ මෙම නඩුවේ දී වැඩි දුර කරුණු පැහැදිළි කර ගැනීම සඳහා නඩුව ලබන මස එනම් ජනවාරි මස 12 වැනිදාට කල් තැබිණි.