මන්නාරම පට්ටිටෝට්ටම් හා පෙරියකඩෙයි ගම්මාන දෙක නැවත දැනුම් දෙන තුරු හුදකලා කරන බව රජය නිවේදනය කළේය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ බව දැනුම් දී තිබිණි.
ඉන්දීය ධීවරය ප්‍රජාව සමග නිරන්තර සම්බන්ධකම් නිසා මේ ගම්මාන ආශ්රිත ප්‍රදේශ නිරන්තර නිරීක්ෂණයට ලක් වෙමින් තිබිණි.