දිනසේන රතුගමගේ –
මන්නාරම සුළං බල විදුලි ව්‍යාපෘතියේ පලමු අදියරය යටතේ මෙගා වොට් 30 ක විදුලි බලධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට මේ මාසය ඇතුළත එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද ( 1) මන්නාරමේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ දැනට මන්නාරම ප්‍රදේශයේ ඉදිවන සුළං බල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම පිණිස මන්නාරමට පැමිණි අවස්ථාවේදීය.
2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 135 ක වියදමකින් අක්කර 320 ක භූමි භාගයක කිලෝ මීටර් 12 ක් දුරට මේ බලාගාරය ඉදි වී තිබේ.
සුළං බලයෙන් ක්‍රියා කරණ කණු 33 ක් සහිතව ඉදිවූ මෙම බලාගාරය පරිසර හිතකාමී බලාගාරයක් වන අතර සුළං බලය නොමැතිව මෙගා වොට් 30 ක විදුලි බල ධාරිතාවයක් ඉන්ධන හෝ වෙනත් ටර්බයින් උපයෝගී කරගෙන නිපදවන්නේ නම් පරිසරයට නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 285 ක් බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.