කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද සුළං සහ අධික වැසි ඇද වැටේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ඇතිවෙමින් තිබෙන මේ තත්වය තුළ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකෙන් එක් වාන් දොරටුවක් අද (11) සිට විවෘත කළේය.
පවතින අධික වැසි සහිත තත්වය කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලද ජල මට්ටමද පිටාර මට්ටමට රැගෙනවිත් ඇත. බව ජලාශ භාර ඉංජිනේරුවන් මේ තත්වය තහවුරු කළේය.
කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , විමලසුරෙන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු වෙමින් තිබේ. මේ ඡායාරූප අද හාත්පස දියඇලි සක්‍රීය වී ඇති ආකාරය පෙන්වයි.