දිනසේන රතුගමගේ –
මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිට යාපනයට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ කේතීස්වරන් ඊයේ (14) පැවසීය.
යාපනයේ කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි මොහු කොළඹ පෑලියගොඩ මාළු වෙළද සැලේ සේවය කිරීම නිසා දින දාහතරක කාලයක් නිරෝධානයන වීම පිණිස මඩකලපුවට යවා තිබේ.
ඔහු ආපසු යාපනයට පැමිණ දින කීපයකින් රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඔහු සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් ඔහුව යාපනයේ කොරෝනා රෝග මර්දන රෝහලක් වෙත යොමු කළ බවත් කේතීස්වරන් මහතා පැවසීය.