බොදු බල සේනා සංවිධානය ඇතුළු සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිහිපයක්ද අන්තවාදී සංවිධාන ලෙස තහනම් කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ෂණය කළ ජනාධිපති කොමිසම විසින් සකසන ලද වාර්තාවේ නිර්දේශ අතර පවතින බව වාර්තා වෙයි.
මෙයට අමතර ව තව්හිද් ජමාත් සංවිධාන ජමාතේ මිල්ලතේ ඇතුළු ඉස්ලාම් ආගමික සංවිධානද තහනම් කරන ලෙස එම කොමිසම මඟින් නිර්දේශ කර ඇති බව සඳහන් වේ.
මේ වනවිට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අවසන් කොමිසම් සභාවේ පවතින නිර්දේශ අතර ඉදිරියේදී මෙවැනි ආගමික පදනම් මත බිහිවන සංවිධාන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද මෙම කොමිසම මඟින් නිර්දේශ කොට ඇතැයි සඳහන් වේ.
මෙරට ආගම් අතර යම් භේදයක් ඇති කරවීමේ පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් පසුපස මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය පැවති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කරන ලද කොමිසමේදී සාක්ෂි ඉදිරිපත්ව ඇති අතර මෙම සාක්ෂි මත ඉහත නිර්දේශ ලබා දී ඇතැයි වාර්තා වේ.
මෙම වාර්තාව පසුගිය පළමුවැනිදා ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදී.