මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලවලට අදාල ඉන්ධන බිල්පත් නොපියවීම නිසා ඉන්දධන පිරවුම්හල්වලින් සෞඛ්‍ය කාර්යාලවල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි ද මේ හේතුවෙන් කොවිඩ් මර්ධන රාජකාරි කිරීම ඇණහිට ඇතැයි ද ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.
එමෙන්ම බිල්පත් නොගෙවීම නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දුරකථනය ද විසන්ධි කර ඇති බවත් නිලධාරීන්ගේ පුද්ගලික දුරකථන භාවිතයෙන් රාජකාරි කිරීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව මාස 05ක සිට ලැබී නැති බව පවසන සභාපතිවරයා පැය 150ක අතිකාල දීමනාව අනුමත කර ඇත්තේ පැය 80කට පමණක් බවත් පැවසුවේය.