විමල් වීරවංශ මන්ත්රීවරයාගේ බිරිය තමන්ට රහසිගත දුරකථන ඇමතුම් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රි රන්ජන් රාමනායක අද(22) පාර්ලිමේන්තුවේ දී හෙළි කිරීමත් සමග විමල් වීරවංශ හා රන්ජන් රාමනායක අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. විමල් විරවංශගේ බිරිය ලබා දුන් බව කියන රහසිතග දුරකතන ඇමතුම් ඇතුළත් හඬ පටය රන්ජන් රාමානයක විසින් විකාශනය කිරීමත් සමගය.
විමල් ඇතුළු තවත් අයගේ බිරින්දෑවරුන් තමන්ට ලබාදුන් දුරකථන ඇමතුම් අතුළත් හඬ පට තමන් සතුව ඇති බවත් ඒ හඬපට මුදාහරින්නට අවසර දෙන්නේ නම් ඕනෑම අවස්ථාවක ඒවා එළි දක්වන්නට සූදානම් බව රන්ජන් රාමනායක පැවසීය.
දුමින්ද සිල්වාගේ නඩුවට විනිසුරුවරුන්ට කතා කළ බව කියමින් විමල් වීරවංශ ඔහුට චෝදනා කළ අතර තමා විනිසුරු වරුන්ට කතා කළේ සද්භාවයෙන් යැයි ප්රකාශ කරමින් රාමනායක මහතා හඬ පටය ඉදිරිපත් කරන්නට විය.
එම උත්සාහය ගනු ලැබුවෙ පද්මිණී රණවක විනිසුරුවරිය ආරක්ෂා කිරීමට බව ද හෙතෙම කියා සිටියේය… තමන් කිසි ම දවසක තමන් දුරකථනයෙන් හෝ වෙනත් අයුරකින් විනිසුරු වරුන්ට කතා කර හෝ උදව් ඉල්ලා හෝ නැතැයි විමල් වීරවංශ එහි දී දැඩි ස්වරයෙන් ප්රකාශ කළේය. මේ උනුසුම් වචන හුවමාරුව විනාඩි 4ක් පමණ පැවතිනි. සභාගැබ නිශ්ශබ්දව එය අසා සිටියේය.