මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු-
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් 09 දෙනා ඊයේ සිට (31) රාත්‍රී වැඩමුරයෙන් ඉවත් වූ බව සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ උපසභාපති එස්.ටී.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.
බියමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන බලය අතට ගෙන අත්තනෝමතික ලෙස හැසිරෙන කම්කරු කාන්තාවකගේ අනීතික බලපෑම්වලට විරෝධය පෑම සඳහා මෙම තීන්දුව ගත් බව උපසභාපතිවරයා කීවේය.
මෙම කාන්තාවගේ හැසිරීම සම්බන්ධ සෞඛ්‍ය වෛද්යනිලධාරීවරයා සමග අවස්ථා ගණක දී සාකච්ඡා කර ඇති බවත් උපසභාපතිවරයා ප්‍රකාශ කළේය. ඇය සම්බන්ධව නිශ්චිත තීන්දුක් නොගන්නා තෙක් රාජකාරියෙන් බැහැරව සිටින බවද ඔහු කීවේය.