පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මේ වනවිට පුද්ගලයන් 15 දෙනෙක් මිය ගොස් තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් 24 දෙනෙක් පස්සර මූලික රෝහලෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබුවන් 08 දෙනෙක් පස්සර මුලික රෝහලේ තවමත් ප්‍රතිකාර ගනිමින් සිටිති.
මේ වනවිට බදුල්ල අවට රෝහල්වලින් වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලය 150ක් පමණ බදුල්ල මහ රෝහලට කැඳවා ඇතැයි වාර්තාවේ
අද පෙරවරු 7.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙසේ අනතුරට ලක් විය. බස්රථය අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් තිබිණි. එම සිද්ධියේ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබේ.
කියවන්න…