කන්දකාඩු පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත හමුදා සාමාජිකයෙක් සහභාගී වූ ආගමික වැඩසටහනකට එක් වීම හේතුවෙන් මොනරාගල බඩල්කුඹු ගල්බඩ පිරිවෙන් විහාර වාසී සංඝයා වහන්සේ 32 දෙනෙක් හා කම්කරුවෙක් පිරිවෙන් පරිශ්‍රයේම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
පිරිවෙන් පරිශ්‍රයේ පැවැත්වූ ආගමික වැඩසටහනේ දී භික්ෂූන් වහන්සේලා ඉහත කොරෝනා ආසාදිත හමුදා සාමාජිකයා සමග මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙම නිරෝධායන කටයුත්ත සිදුකර තිබේ..
මේ වනවිට පිරිවෙන් පරිශ්‍රය ආගන්තුකයන්ට ඇතුළු විය නොහැකි කලාපයක් බවට පත්කර ඇත.
එමෙන්ම මේ හමුදා සාමාජිකයා හා පිරිවෙනෙහි නායක හිමියන් එක්ව සහභාගී වූ පස්සර ප්‍රදේශයේ බණ ගෙදරකට සහභාගී වී සිටි පුද්ගලයන් 39ක් ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මේ අනුව නිරෝධායනටය ලක් කළ මුලු පිරිස 72කි.
මෙම හමුදා සාමාජිකයා අනතුරුව මගී ප්‍රවාහන බස් රථයකින් මුතියංගන විහාරයට ගොස් අනතුරුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද පැමිණ ඇතැයි හෙළි වේ.
සම්බන්ධ වූවන් සොයා දිගටම විමර්ශන කටයුතු පැවැත්වෙන බව සෞඛ්‍ය ආරංචිමාර්ග සනාථ කරයි.