කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WTC) සංවර්ධනය කිරීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව ඉන්දියානු සහ ශ්රී ලංකා රජයන්ට ස්තූතිවන්ත වන බව ඉන්දියාවේ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි පවසයි.
ඔහු එම ප්රකාශය කර ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ අවස්ථාව ඉන්දියාවේ ආදානි සමාගමට ලබාදෙමින් අභිප්රාය පළකිරීමේ ලිපිය නිලවශයෙන් නිකුත් කිරීමත් සමඟය.
ඔහු ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්රී ලංකා වරාය අධිකාරියට, ජෝන් කීල්ස් සමාගමට ද ස්තූතිවන්ත වන බවය.
අදානි සිය ට්විටර් ගිණුමේ පළකරන ලද පණිවුඩයේ සඳහන් වන්නේ මෙම හවුල්කාරිත්වය දීර්ඝ ඉතිහාසයක් ඇති මිත්ර රටවල් දෙකක් අතර ගැඹුරු උපායමාර්ගික සබඳතාවල සංකේතයක් බවයි.
WCT රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස වසර 35 ක කාලයක් සඳහා ගොඩනැගීම, ක්රියාත්මක කිරීම සහ හුවමාරු කිරීම පදනම් කර ගෙන සංවර්ධනය කෙරේ.