ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කර තිබේ.
පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සංවිධායකවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
මේ අනුව ලබන 13,14,15 යන තෙදින තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ සියලු ප්රචාරක රැලි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව මෙවර මහ මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ල ද සීමා කිරීමට පියවර ගෙන තිබේ.
යම් හෙයකින් කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒ්වා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පමණක් කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.