දිනසේන රතුගමගේ –
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මහ මැතිවරණය ජූනි මස 20 වෙනිදාට පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරණ මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොණු කරණ ලද පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සතුටට පත් වවුනියාවේ තරුණයෝ පිරිසක් 2 දා සවස නගරය මැද රතිඤ්ඤා දල්වමින් සතුට පලකොට සිටියහ.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව වවුනියාව නගරයේ රතිඤ්ඤා දැල්වූ තරුණයෝ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පෙත්සම් ඉදිරිපත් කරමින් තමන්ගේ ඡන්ද බලය කල් දැමීමට උත්සහ කිරීම පිළිබදව මෙහිදී විරෝධය පලකරමින් කෑ ගැසූහ.
රතිඤ්ඤා දල්වා සතුට පල කට තරුණයෝ මද වේලාවක් එම ස්ථනයේ රැදී සිට ඔවුන් විසින් දල්වන ලද රතිඤ්ඤා වල කඩදාසි කැබලි සියල්ල අතු ගා කසල භාජන වලට දමා එම ස්ථාන පිරිසිදු කොට ආපසු යාම විශේෂ සිද්ධියක් වුණි.