පොලිස් විශේෂ කාර්ය බලකාය අද (31) කළ විශේෂ මෙහෙයුමකින් වැල්ලම්පිටිය බ්‍රැන්ඩියා වත්තේ නිවසකින් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 25 ක් සොයා ගත්තේය.
වැටලීම සංවිධානය වන්නේ යුද හමුදා බුද්ධි අංශට ලද තොරතුරකට අනුවය.සඟවා තිබිය දී මෙම මත්කුඩු තොගය හමුවී තිබුණේ පූකුඩිකන්නා නැමැති පාතාල අපරධකරුගේ නෑනාගේ නිවසිනි.
මෙම අපරාධකරු දැනට ජීවත් වන්නේ ඉන්දියාවට පැණ ගොසිනි.විමර්ශන වලින් අනාවරණය වී තිබුණේ පූකඩිකන්නා ඉන්දියාවේ සිට මේ මත්කුඩු ජාවාරම හසුරුවා ඇති බවත් කීපයකට පෙර මම නිවසට මත්කුඩු කිලෝ 50ක් ලැබී තිබුණු බවත්ය. එම මත් කුඩු තොගයෙන් කොටසක් විටින් විට ඉවත් කර තිබුණු ආකාරය විමර්ශන අංශ කීහ.
මත්කුඩු තොගය හමුවන්නේ නිවසේ අල්මාරියක සගවා තිබියදීය. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශට භාරදී ඇත.