මාතර සම්පත්-
තරුණයෙකුගේ වෙස් ගෙන 19 හැවිරදි තරුණියක් සමග පෙමින් බැඳී, වසර දෙකක් තිස්සේ පෙම් කළ 17 හැවිරිදි තරුණියක් හක්මන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන දෙයියන්දර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ .
හක්මන නගරයට ආසන්නයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සමග මෙමපිරිමි වෙස් ගත් තරුණිය පෙමින් වෙලී ඇත. තමන් වසර දෙකක් තිස්සේ පිරිමියෙක් යැයි සිතා පෙම් කර ඇත්තේ ගැහැණු ළමයෙකුට බව එම තරුණිය හඳුනා ගැනීමෙන් පසු ඒ බව දෙමව්පියන්ට පැමිණිළි කර තිබේ.
පසුව පිරිමි වෙස් ගත් තැනැත්තිය පෙම් කරන තරුණියගේ නිවසට පැමිණි අවස්ථාවේ පොලිසිය දැනුවත් කර ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දාහත් හැවිරිදි තරුණියට අනාචාරයේ හැසිරීම පිරිමියෙකුගේ වෙස්ගෙන තරුණියක් මුලා කිරීම යන චෝදනා මත හක්මණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය .