අද (19) අළුයම 5.00 න් අවසන් වූ පැය 24 තුළ මුඛ ආරණ නොමැතිව මහමග සැරිසැරූ සහ සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 3061 දෙනෙක් පොලිස් භාරයට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ඒ අයගෙන් 2093 දෙනෙක්ම පොලිස්භාරයට ගෙන ඇත්තේ මුඛ ආවාරණ නොමැතිය මහමග ගමන් කිරීම් සහ පොදු ස්ථානවල ගැවසීම් නිසාය.
සෙසු 968 දෙනා පොලිස් භාරයට ගෙන ඇත්තේ සමාජ දුරස්ථභාවය නිසි ලෙස තබා නොගෙන කටයුතු කිරීම හේතුවෙනි.
මේ සියලු දෙනා මුල්ම අවස්ථාවේ අවවාද කර මුදාහල බවත්, ඉදිරියේදී මෙවැනි නිරෝධායන නීති කඩ කරන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය වාර්තා කරයි…