පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට සිංගප්පුරුවේ ප්‍රතිකාර ලබමින් සිටියේ නම් ඊට අදාල වෛද්‍ය වාර්තා වහාම කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඊයේ (25) නියෝග කර ඇත.
පාස්කු ප්‍රහාරය එල්ල වී පැය කීපයක් යන තෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලංකාවට එන්නට නොහැකි වූයේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බව ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීප වරක්ම ප්‍රකාශ කර තබේ.
ඒ් අනුව පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එය හිතා මතාම මගහැරීම සඳහා හිටපු ජනධිපතිවරයා සිංගප්පූරුවේ කාලය ගතකරමින් සිටි බවට ද රටේ මතයක් පවතී.
කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර ලැබුවේ නම් ඒ් පිළිබඳව වෛද්‍ය වාර්තා හා අනෙකුත් සියලුම තොරතුරු කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කොමිසම හිටපු ජනාධිපතිවරයාට නියෝග කර තිබේ.