පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොලට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි හා බෝම්බ ප්රහාර එල්ල කර ඇති අතර එහිදී ආරක්ෂක අංශ වෙඩිතැබීමකින් ප්රහාරකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට වාර්තා පැවැසුවේ පුද්ගලයන් දෙදෙනෙකු ද ප්රහාරයෙන් මියගොස් ඇති බවයි.
කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් ක්රියාත්මක වෙමින් පවතින බැවින් කොපමණ ප්රහාරකයන් පැමිණ ඇත්දැයි නිශ්චිතවම ගණනය කර නොමැත.
ගොඩනැගිලේ සිටි පුද්ගලයන් වහා ඉවත් කරමින් සිටී.
කරච්චි පොලිස් ප්රධානී ගුලාම් නබි මේමන් පැවසුවේ ප්රහාරකයින් වෙළඳ පොළෙන් පිටත මෝටර් රථයකින් පැමිණ රථගාලේ සිට වෙඩි තැබීමට පෙර ගොඩනැගිල්ලට අත් බෝම්බයක් එල්ල කළ බවයි.
පාකිස්තාන කොටස් වෙළඳපොල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තත්වය තවමත් දිග හැරෙමින් පවතින බවයි.
මෙම ප්රදේශය පෞද්ගලික බැංකු, ආයතන මෙන්ම නිවාස ද පිහිටි කාර්යබහුල ජනාකීර්ණ ප්රදේශයකි.