දිනසේන රතුගමගේ –
2020 වසර තුළ උතුරු ප්රදේශයේදී වන අලි 14 ක් අකාලයේ මියගොස් ඇති බව වන ජීවී නිලධාරීන් සදහන් කරයි.
මෙම වන අලින්ගෙන් 4 බැගින් වවුනියාව සෙට්ටිකුලම හා මුලතිව් ප්රදේශ වලින්ද 3 බැගින් වවුනියාව හා නෙඩුන්කේණී ප්රදේශ වලින්ද මියගොස් තිබේ.
මෙම වන අලින්ගෙන් වැඩි පිරිසක් මියගොස් ඇත්තේ ගොවීන් වීස්න් විදුලි සැර වැද්දවීමෙන් වන අතර වෙඩි තැබීම් හක්ක පටස් යෙදීම් හා දුම් රිය වල ගැටීම් වලින්ද වන අලි මරණයට පත්ව ඇති බව වන ජීවී නිලධාරීන් කියා සිටියි.
මේ අතර උතුරේ ගොවි සංවිධාන කියා සිටින්නේ 2020 වසර තුළ වන අලි ප්රහාර වලට ලක්ව ගොවීන් 9 දෙනෙකු උතුරු පළාතේදී මියගොස් ඇති අතර වන අලි විසින් ගොවීන්ට සිදු කොට ඇති වගා හානිය හා දේපල හානිය රුපියල් කෝටි දොළහක් පමණ වන බවයි.