පාළු ස්ථානයන්හි පෙම්සුව විදින තරුණ තරුණියන් බිය ගන්වා තර්ජනය කර මුදල් කොල්ලකන තරුණියන් සහිත කොල්ල කල්ලි කිහිපයක් මහනුවර හා තදාසන්න ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වන බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විශේෂ අවධානයක් යොමු කොට ඇති බවත් දැනට ඊට අදාල තරුණියන් සහ තරුණයින් හයදෙනකු අත්අඩංගුවට ගත හැකිව තිබෙන බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ පවසයි.
ඉකුත් දා බහිරවකන්ද පාළු මාර්ගයක ගිය සරසවි සිසුවකු සහ සිසුවියකු බිය ගන්වා මුදල් කොල්ල කැමට ගොස් ඇත. තවද හන්තාන මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු සහ තරුණියක බිය ගන්වා මුදල් කොල්ල කෑ තරුණියින් දෙදෙනකු සම්බන්ධයෙන්ද පොලිසිය ක්‍රියාත්මක වී තිබිණි.
මේ දිනවල මත්කුඩු පැකට්ටුවක මිල පෙර පැවති මිලට වඩා ඉහල යාමෙන් මත්කුඩුවලට ඇබ්බැහිව සිටින පිරිස් තරාතිරම නොබලා මුදල් කොල්ල කෑමේ නිරතව සිටින බවත්, පෙම්වතුන් සහ පාසල් සිසුන් බිය වද්දා මුදල් මංකොල්ල කෑම පහසු බැවින් නව රැල්ලක් ලෙස කල්ලිගැසි එවන් ක්‍රියාවන්හි නිරතවන තරුණ තරුණියන් සිටින බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියෙය.