කීර්ති ප්‍රනාන්දු –
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පති සී ඩී වික්‍රමරත්නට උපදෙස් ලබා දී ඇත.
නීතිපතිවරයා උපෙදස් ලබා දී ඇත්තේ අදාළ පොලිස් නිලධාරින්ට එරෙහිව වධහිංසා පනත යටතේ චෝදනා ගොනුකරන ලෙසය.
පෑලියගොඩ පොලීසිය තුළදී නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමට අදාළ පැමිණිල්ලක් හා මිගාර ගුණරත්න පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියට අදාළව පැමිණිලි 02 ක් සම්බන්ධයෙන් මේවනවිට විමර්ශන සිදුකෙරෙමින් ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේවනවිටත් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.