දිනසේන රතුගමගේ –
මෙවර දීපාවලි නිමිත්තෙන් උතුරේ හින්දු කෝවිල්වල පැවති සියළුම පූජාවන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරණ ලද නමුත් එම පූජාවන් සදහා සහභාගී වී සිටියේ ඉතාමත්ම අඩු බැතිමතුන් සංඛ්‍යාවකි.
රජය දීපාවලි උළෙල සැමරීම නිවසේ සිට සිදු කරණ ලෙස දැණුම් දී තිබූ අතර උතුරේ බොහෝ දෙනෙකු කෝවිල්වල පූජාවන්ට පවා සහභාගී නොවී නිවෙස් වලම දීපාවලී උළෙල සමරනු ලැබූහ.
මේ නිසා උතුරේ බොහෝ කෝවිල්වල පූසාරීවරුන් පමණක් සිටි අවස්ථාද දැක ගැනීමට ලැබුණි.
උතුරේ කිසිදු ප්‍රදේශයකින් දීපාවලි සමයේ කොරෝනා නීති රීති කඩ කිරීම් පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබීමද විශේෂ ලක්ෂණයකි.