විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ලංකාවට පැමිණි සංචාරකයින් 186 දෙනා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පොළොන්නරුවේ සහ සීගිරියේ සංචාරයෙහි යෙදෙන ජනවාරි 04 සහ 05 දිනවල දේශීය සංචාරකයන්ට එම ස්ථාන වසා තැබීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
ඒ අනුව පොලොන්නරුව ආලාහන පිරිවෙණ ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාලිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාලය අංක 2, සහ ආලාහන පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර, ගල්විහාරය, තිවංක පිලිමගෙය, නෙළුම්පොකුණ යන ස්ථාන 04 දා පස්වරු 1න් පසු දේශී සංචාරකයන්ට ඇතුළුවිය නොහැකි කලාපයක් කර ඇත.
එමෙන්ම ජනවාරි මස 05 වැනිදා එම පිරිස සීගිරියේ සංචාරය කරන බැවින් එදින මධ්‍යහන 12 දක්වා දේශීය සංචාරකයන්ට සීගිරිය විවෘත වන්නේ නැත.
බුද්ධශාසන, ආගමික, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී විසින් තීරණය කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල නිවේදනය කරයි.