හෙටින් ඇරඹෙන පාසල් නිවාඩුවට නැවත දැනුම් දෙන තුරු සියලුම පුද්ගලික හා ජාත්‍යාන්තර පාසල් ද ඇතුළුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ද සියලුම පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම ද නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වැඩිදුරටත් දන්වා සිටී.