කිරිබත්ගොඩ නාහේන සිරිපුර ප්‍රදේශයේදී නාහේනේ සුදූ නැමැති අපරාධකරුව කපාකොටා ඝාතනය කර පළාගොස් සැගවී සිටි මත්ද්‍රව්‍ය අපරාධකරුවන් තිදෙනෙක් කැලණිය කොට්ඨා අපරාධ විමර්ශන අංශය ඊයේ (18) අත්අඩංගුවට ගත්තේය.
මේ මිනී මරුම සිදුවී තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගනිමිනි.
නාහේන සුදූ නැමැත්තා මිනී මරුම් ඇතුළු අපරාධ ගණනාවකට චෝදනා ලැබ සිටි අපරාධකරුවෙක් බව පොලිසිය පවසයි. ඔහුව ඝාතනය කර ඇත්තේ ඉකුත් 16 වෙනිදාය.
මේ තැනැත්තා මරා දමා ඇත්තේ ඔහු සමගම කුඩු ජාවාරමේ යෙදුනු පිරිසකි. පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔහුව මරා ඇත්තේ වෙනත් පුද්ගලයෙක් ඝාතනය කිරීමට ඔහු යමින් සිටියදී බවය.
මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් කැලණියේ දී ද, තවත් සැක කරුවෙක් පන්නිපිටියේදී ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 28 හා32 අතර පසුවන්නන්ය.
කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ වැඩිදුර විමර්ශන පවත්වගෙන යයි. ඝාතනයට යොදාගත් මන්නා පිහි 03 ද ඝාතනයෙන් පසු පලායාමට යොදා ගත් ත්‍රී රෝද රථයක්ද දැනට සොයාගෙන තිබේ.
good. news