නතාෂා නෙත්මිණි –
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ සාමාජිකයන් බහුතරයකගේ අකමැත්ත පලවී තිබියදී ධම්මික බණ්ඩාරගේ පැණිය සම්මත වූයේ කෙසේද යන්න පුදුමයක් යැයි එම සූත්‍රකමිටුවේ සාමාජිකයින් සඳහන් කරයි.
සූත්රකමිටුවෙන් යම් ඖෂධ්‍යක් හෝ අතිරේක ආහාරයක් සම්මත කිරීමට නම් අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ ක්‍රමවේදයන් ලිඛිතව ඉදිරිපත් කළ යුතුවා මෙන්ම මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණ ගණනාවක් කළ යුතු වුවද මේ පැණිය සඳහා එවැනි කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණ බව ඔවුහු සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන, ප්‍රාජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකරගෙන් විමසු විට ඇය සඳහන් කළේ සූත්‍ර කමිටුවේ පොදු මතයට අනුව මෙම පැණියට අවසර දුන් නමුත් මෙය ආයුර්වේද ඖෂධයක් ලෙස මිස කොරෝනා සුව කරන ඖෂධයක් ලෙස අනුමත නොකළ බවය.
මෙම පැණියට අන්තර්ගත කර තිබූ දේශීය ඖෂධයන් පිළිබඳ පරික්ෂණ කර එය දේශීය ඖෂධයක් ලෙස අනුමත කළ නමුත් එය කොරෝනා රෝගය සුව කරන ඖෂධයක් වන්නේ නම් ඒ සදහා සායනික් පරික්ෂණ හා තවත් පරික්ෂණ ගණනාවකින් සම්මතවිය යුතු බවත මෙම පැණිය එවැනි අවස්ථාවන් සපුරා නොමැති බවත් ඇය සඳහන් කළාය.