fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, අප්‍රේල් 17, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..

    අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

    එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම

    එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

    ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…

    ජනපතිගේ බැනුම නින්දිතයි… මට ජීවිතය ගැන බයයි… විජේදාස මාධ්‍යයට කියයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

වහාම මෙම වාර්තාව ජනගත කරන්න -  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

editor by editor
පෙබරවාරි 28, 2021 - Updated On මාර්තු 11, 2021
in පුවත්
431 5
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රාජපක්‍ෂ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ වාර්තාවක් නොවන බවත්, තමන්ටත් දූෂණ චෝදනා එල්ල වී ඇති එම වාර්තාව සඟවා තබාගෙන කැබිනට් තීන්දු ගනිමින් දූෂිතයන් නඩුවලින් නිදහස් කිරමින් කරගෙන යන මේ ක්‍රියාවලියේ අරුම පුදුම හැසිරීම අධිකරණ ක්‍රියාමාර්ගයකින් හෙළි දරවු කිරීමට සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ( 28)  බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

මේ ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කාලයකදී දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන්න ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය පත්කරනු ලැබූ එය 2020 ජනවාරි 09වැනිදා සිට 2020 නොවැම්බර් 26වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. එම කාලය ඇතුළත පැමිණිලි විශාල ප්‍රමාණයක් විභාගයට ලක්කොට පසුගිය දෙසැම්බර් 08වැනිදා කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දෙනවා. එම වාර්තාව බාරදීමෙන් අනතුරුවත් පිටු හතලිස් ගණනක් ඇතුළත් ඌණ පූර්ණ වාර්තාවක්ද ජනාධිපතිවරයාට බාරදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කොමිසමේ අරුම පුදුම දේවල් සිදුවී තිබෙනවා. ඒවා අපි අධිකරණ ක්‍රියාවලියකදී හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා.

RelatedPosts

බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..

අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

ඉල්ලා අස්කරගත් නඩු

ජනවාරි 15වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. එම කැබිනට් පත්‍රිකාවේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරිපත් කොට තිබෙන ඝාතනයන් පිළිබඳ නඩු, පැහැර ගැනීම් පිළිබඳ නඩු, මූල්‍ය අපරාධ පිළිබඳ නඩු අධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයාට දැනුම් දීමයි. උදයංග වීරතුංගේ මිග් ප්‍රහාරක යානා නඩුව, උදය ගම්මන්පිලගේ මුදල් වංචා කිරීමේ නඩුව, බැසිල් රාජපක්‍ෂ තිරු නඩේෂන් මල්වානේ නිවස පිළිබඳ නඩුව, සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට මුදල් සොයා ගැනීම පිළිබඳ යෝෂිත රාජපක්‍ෂ නඩුව, ඇමරිකාවේ තානාපති කාර්යාලයක් මිලට ගැනීමේ වංචාව පිළිබඳ ජාලිය වික්‍රමසූරිය නඩුව, විනිමය කොමිෂන් සභාව සතු මුදල් තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදීම පිළිබඳ නාලක ගොඩහේවා නඩුව,   ජෝසප් පරරාජසිංහම් ඝාතනය පිළිබඳ පිල්ලෙයාන් නඩුව, රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතන නඩුව, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් ආදී මාධ්‍යවේදීන්ට පහර දීම් සහ පැහැර ගැනීම් පිළිබඳ නඩු, රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ නඩු, ඇවන්ගාඩ් නඩුව වැනි නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව නීතිපතිවරයාට දැනුම්දීමට කැබිනට් තීරණයක් ගන්නවා.

එමෙන්ම මා ඇතුළු 22දෙදෙනෙකුට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ලකොට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට තවත් විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පසුගිය ජනවාරි 29වැනිදා පිහිටුවනවා. එම කොමිසමට මාසයක කාලයක් ගතවී තිබෙනවා.

කොමිෂන් සභා වාර්තාව සඟවා තබලා

අපේ ප්‍රධාන තර්කය වන්නේ කොමිෂන් සභා වාර්තාව සඟවා තබා ගැනීම පිළිබඳවයි. මා අවස්ථා ගණනාවකදී කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඉල්ලා තිබෙනවා. කථානායකවරයාට දැනුම්දී තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනවාරි මස 21වැනිදා ජනාධිපති කාර්යාලයෙන් වාර්තාවේ කොපියක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. පෙබරවාරි 08වැනිදා ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී හරිගුප්ත රෝහණධීර මහතා විසින් වාර්තාව ලබාදිය නොහැකි බව මා හට දන්වා තිබෙනවා. අනතුරුව පෙබරවාරි 22වැනිදා අප විසින් අභියාචනයක්ද ඉදිරිපත් කොට තිබෙනවා. එමෙන්ම මාගේ නීතිඥ කණ්ඩායම ජනවාරි 29වැනිදා වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් ලැබී නැහැ. නැවත පෙබරවාරි 12වැනිදා නීතිඥ සුනිල් වටගල විසින්ද නැවත ඉල්ලීමක් කරනවා.

පාස්කු කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට ලබාදීමෙන් පසුව එයද සඟවා ගැනීමට උත්සාහ කළ අතර කාදිනල්තුමාගේ, අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහ මාධ්‍යවල බලපෑම මත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිදුවුණා. එම වාර්තාවේ වෙළුම්හයක් පමණ තිබෙන අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ පළමු වෙළුම පමණයි. පසුගිය ජනවාරි 31වැනිදා ලබාදුන් මෙම වාර්තාව පිළිබඳව මේ වනතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නැහැ. නීතිපතිවරයාටත් එම වාර්තාව ලබාගත හැකිවූයේ විශාල පරිශ්‍රමයකින් පසුවයි.

පාස්කු කොමිසම් වාර්තාවට එවැනි තත්වයක් උදාවී තිබියදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සඟවා තබාගෙන කැබිනට් තීන්දු ගනිමින් දූෂිතයින් නඩුවලින් නිදහස් කරන්න කටයුතු කරනවා. අපට සාධාරණ අයිතියක් තිබෙනවා, මෙම කොමිෂන් සභා වාර්තාව ලබාගැනීමට. මෙම කොමිෂන් සභා වාර්තාව රාජපක්‍ෂ පවුලේ ඉඩම් ආරවුලක් පිළිබඳ වාර්තාවක් නොවෙයි.

මෙම වාර්තාව මාද, වගඋත්තරකරුවෙකු කොට තිබෙන, වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙමින් තිබෙන මේ රටේ විශාල අපරාධ ප්‍රමාණයක් පැහැර ගැනීම්, ඝාතනය කිරීම්, මංකොල්ලකෑම් පිළිබඳ නඩු ඉවත්කර ගැනීම පිළිබඳව ඇතුළත් විශේෂ වාර්තාවක්.   මහජනයාගේ දේපොළ හොරකම් කළ දූෂිතයන්ගේ නඩු ඉවත් කරගැනීමට නිර්දේශ නිකුත් කරන වාර්තාව පිළිබඳ දැනගැනීමට මහජනයාට අයිතියක් නැද්ද? කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන්ට මෙන්ම අනෙකුත් මාධ්‍යවේදීන්ට අයිතියක් නැද්ද වාර්තාවේ තිබෙන්නේ මොනවාදැයි දැන ගැනීමට. එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව ඔහුගේ බිරිඳට සහ දරුවන්ට අයිතියක් නැද්ද වාර්තාව පිළිබඳව දැනගැනීමට?

යට ගහන්න යන 2015 රාජපක්ෂ පාලනය බිඳ දැමූ අපරාධ

විශේෂයෙන් 2015 වර්ෂයේදී පැවති රාජපක්‍ෂ පාලනය බිඳවැටීමට හේතුපාදක වූ මෙම සුවිශේෂී කරුණු, ඒ පිළිබඳව ගොණුවූ අපරාධ නඩු, අල්ලස් හෝ දූෂණ නඩු, ඉවත් කර ගැනීමට නිර්දේශ ලබාදුන් ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ ජනතාව කිසි දෙයක් දන්නේ නැහැ. එනිසා අපි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිතිවරයාට කියනවා, එම වාර්තාව හමස් පෙට්ටියක බහා සඟවා තබාගැනීමට ඔබට අයිතියක් නැහැ කියලා. මොකද මෙය අපේ රටේ ජනතාවගේ මහජන මුදල් හොරා කෑම පිළිබඳ නඩුවක්. මේ රටේ පුරවැසියන් ඝාතනය කිරීම පිළිබඳ, පහර දීම් පිළිබඳ, අතුරුදන් කිරීම පිළිබඳ නඩුවක්. ඒ නිසා තව දුරටත් මෙම වාර්තාව සඟවා තබා ගැනීමට ගෝඨාභය රාජපක්‍ෂට යුක්තිසහගත අයිතියක් නැහැ. එම වාර්තාවේ නිර්දේශ තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරවීමට ගෝඨාභය රාජපක්‍ෂට අයිතියක් නැහැ. ජනාධිපතිවරයා තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු රාජ ඔටුන්න හිමි කෙනෙකු නොවන බවත් මේ රටේ පුරවැසියන්ගේ ඡන්දයෙන් බලය පත්වූ පුද්ගලයෙකු බවත් මතක තබාගත යුතුයි.

අපට එල්ලවන බොරු චෝදනා සම්බන්ධයෙන් අපි බිය වන්නේ නැහැ. නමුත් අපිට යුක්තිසහගත අයිතියක් තිබෙනවා, එම චෝදනා පිළිබඳව දැනගැනීමට. ඒ වගේම අපිට මේ වාර්තාව පිළිබඳව කුතුහලයක් හා සැකයක් තිබෙනවා.

පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන විධිමත් ආයතනික ක්‍රියාවලියකට මුහුණ දීමට අපි සූදානම්. අපි අපරාධ කළ, මහජන දේපොළ කොල්ල කාපු පුද්ගලයන් නොවෙයි. එනිසා විධිමත් යාන්ත්‍රණයකට අප බියවන්නේ නැහැ. අපි මේ වෙන පුද්ගලයන් වගේ නඩුවලට බියේ සිංගප්පූරු පනින්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ.

ඔබ දන්නවා මේ ජනාධිපතිවරයා බලයට පැමිණ දැන් වසර එක හමාරක් වෙනවා. එක දවසක්වත් අසනීප වුණු බවක් අපි දන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණයට පෙර නඩුවලට බියේ හැමදාම අසනීප වෙනවා. ඒ වගේ අධිකරණයට කට්ටි පනින මිනිස්සු නෙවෙයි අපි. ගෝඨාභය රාජපක්‍ෂගේ සිතැඟි පරිදි අටවා ගන්නා ලද කැකිල්ලේ කොමිසම්වලට යටත් නොවෙන බව ගෝඨාභය ජනාධිපතිවරයා සිහි තබාගත යුතුයි. එනිසා අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ මෙම වාර්තාව ජනගත කරන ලෙසයි.

Tags: නවතම
Previous Post

කච්චතිව් මංගල්ලය චාම් දේව මෙහෙයකට සීමා වේ.

Next Post

රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

Related Posts

බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..
පුවත්

අප්‍රේල් 17, 2021
අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  
පුවත්

අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

අප්‍රේල් 17, 2021
එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම
පුවත්

එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

අප්‍රේල් 16, 2021
ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…
පුවත්

ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…

අප්‍රේල් 16, 2021
Next Post
රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..
  • අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  
  • එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist