මිනුවන්ගොඩ කීර්ති පෙරේරා –
නිරෝධායන ඇඳරි නීතිය ලිහිල් කර සියලුම කඩ සාප්පු හා බැංකු විවෘත කළ ඊයේ දිනයේ (27) විශාල පිරිසක් පැමිණි බව කියන දිවුලපිටිය ලංකා බැංකු ශාඛාවේ දොරටුව අසල සේවයේ යොදවා සිටි ආරක්ෂක නිලධාරියා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුර වීමත් සමග බරපතල අර්බුදයකට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ මුහුණ දී ඇති බව වාර්තා වේ.
මේ සමගම දැනට බැංකුව වසා දමා එහි සේවයේ නියුතු 19 දෙනෙක් නිරෝධායනය කළ බවත් මෙම නිළධාරියා සම්බන්ධ වුණු ආශ්‍රිතයන් සොයාය විශේෂ පරික්ෂණක් ඇරඹූ බවත් දිවුලපිටිය කටාන පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී එස්.ටී.යූ.ටී,කුලතිලක ලංකාසරට පැවසීය.