ශ්‍රියානි විජේසිංහ –
මුඛයේ දත් ගැලවී ඇති පුද්ගලයින්ට නොමිලේ දත් සවිකිරීමේ විශේෂ වැඩ සටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
මේ වන විට වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයින්ගෙන් සියයට 20ට වැඩි ප්රමාණයකගේ මුඛයේ එක් දතක් හෝ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.
මේ වන විට දත් දැමීමේ වැඩ පිලිවෙලක් රජයේ රෝහල් සතුව නොමැති බැවින් පුද්ගලයින් පෞද්ගලික අංශයෙන් දත් දමා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බැවින් නොමිලේ දත් දැමීමේ යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ සඳහන් කළේය.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ මුඛයේ පවතින ස්ථීර දත් ඔහු මිය යන තෙක්ම නිරෝගීව පැවතිය යුතු වුවද එවැනි තත්ත්වයක් අපගේ ජනතාව තුළ නොමැත්තේ ඔවුන් දත් නිසි පරිදි රැකබලා නොගන්නා බැවින් යැයිද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මුඛ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ගණනාවක්ම ඉදිරියේදී පවත් බවත් එම දැනුවත් කිරීම් වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේහ ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන යන බවත් වෛද්‍ය වික්‍රමසිංහ පැවසීය.