ලලිත් චාමින්ද –
දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (26) දිනය වනවිට 835 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරන කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ පවසයි.
දකුණු පළාතෙන් ඊයේ (26) දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිත රෝගින් 43 දෙනෙකු වාර්තා වි ඇති බව ඔහු පවසයි. දකුණු පළාතෙන් මේ දක්වා කාලය තුළදි වැඩිම කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව467කි. මාතර දිස්ත්‍රික්කයෙන් 297 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 71 දෙනෙකි.
මේ වනවිට දකුණු පළාතේ පවුල් 2320කට අයත් පුද්ගලයින් 4700ක් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 876කට අයත් පුද්ගලයින් 1613ක් මාතර දිස්ත්‍රික්කයේ පවුල් 412කට අයත් පුද්ගලයින් 1493 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1032කට අයත් පුද්ගලයින් 1594 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
.