නතාෂා නෙත්මිණි –
එංගලන්තයේ සහ ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිඩ්19 එන්නත් දෙක සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක යෙදෙන අතර පෙබරවාරි මස මැද වන විට මෙරට ජනතාවට තෝරාගන්නා එන්නත ලබා දිය හැකි වනු ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කර සිටියි.
එන්නත සියයට 50ක් ප්‍රමාණයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අතර ඉන් සියයට 40ක ප්‍රමාණයක් නොමිලේ ලැබෙන අතර ඉතිරි සියයට 60ක ප්‍රමාණය මිලදී ගැනීම සඳහා රජය කටයුතු කරන බවද ඇය පැවසුවාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව කිසිදු එන්නතක් මෙරට තුළ භාවිතය සඳහා නොගන්නා බවද ඇය සඳහන් කළාය.
මෙම එන්නත මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී නොමැති බවත් මෙය රජයේ වියදමින් ජනතාවට නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කළාය.