සුසන්ත අමරබන්දු –
- තුවක්කු 20ක් හදලා..
- රුපියල් 20 000ත් 70 000ත් අතර මිලකට අලෙවි කරලා…
අම්පාර රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත බෝර 12 උණ්ඩ යෙදිය හැකියි තුවක්කු නිපදවන හිටපු එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙකු නිපදවු තුවක්කු පහක් සමගින් පසුගියදා තිරුක්කෝවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු වන තිරුක්කෝවිල් පොළ ඉදිරිපිට පදිංචි වඩු කාර්මිකයෙකි. පොතුවිල පාර තිරික්කෝවිල් පදිංචි කාර්මිකයෙකු සමග මේවා අලෙවි කිරීමට කටයුතු කළ කාංචනා කුඩා ප්‍රදේශයේ පදිංචි අයකුෙත් ඔහු සමග අත්අඩංගුවට පත් වී තිබේ.
වඩු කාර්මිකයාගේ නිවසේ තිබියදී තුවක්කු දෙකක් සොයාගත් අතර ඉතුරු තුවක්කු තිරික්කෝවිල් ප්‍රදේශයේ දි අලෙවි කර තිබියදී සොයාගෙන තිබේ. අදාළ සැලසුම් තුවක්කු විස්සකට ආසන්න ප්‍රමාණයක් නිපදවා රුපියල් විසි දහසක් හැත්තෑපන් දහසක් අතර මිලකට අලෙවි කර ඇති බවට පොලිසිය මගින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
කාර්මිකයා විසින් සිය කම්මලේදි තුවක්කුවේ යකඩ කොටස් නිමවා තිබෙන අතර වඩු කාර්මිකයා විසිනි
තුවක්කු බඳ සකස් කරමින් තුවක්කුව නිෂ්පාදනය කර තිබේ. අදාළ සැකකරුවන් අක්කරපත්තුව අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.
මෙම වැටලීම රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත නැගෙනහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීමෙන් අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්නගේ සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරන ලදී .