දිනසේන රතුගමගේ –
තිලීපන් සැමරුම් උළෙල පැවැත්වීම අධිකරණ නියෝග මගින් තහනම් කිරීමත් සමගම යාපනයේ ස්ථාන කීපයක තිලීපන් වෙනුවෙන් නිරාහාර එක්දින උපවාසයන් අද ( 26 ) පැවැත්වුණි.
දෙමළ දේශපාලන පක්ෂ කීපයක් විසින් යාපනය විශ්ව විද්‍යාලය තොණ්ඩමානාරු කෝවිල, චාවාකච්චේරි හා වඩමරච්චි කෝවිල් ඇතුලු තවත් ස්ථාන කීපයක මෙම උපවාස පැවැත්වුණි.
මේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා.එස්.ශ්‍රීධරන්,ඊ.සරවනබවන් ඇතුලු පිරිසක්ද ගජේන්ද්‍රකුමාර් පොන්න්නම්බලම්,එස්.ශ්‍රී කාන්තා ඇතුලු තවත් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝද සිවිල් සංවිධාන නියෝජිතයෝද සහභාගී වී සිටියහ.
මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ එස්.ශ්‍රීකාන්තා කියා සිටියේ තිලීපන් මීට වසර 33 කට පෙර නිරාහාරව සිට මියගියේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙණුවෙන් නිසා ඔහුව සිහිපත් කරමින් උපවාසයක් දියත් කළ බවයි.
උපවාස කිරීම සම්බන්ධයෙන් අධිකරණ තහනම් නියෝග නොමැති නිසා උපවාස කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවද ඔහු පැවසීය.
නමුත් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ සිසුන් හා පොලීසිය අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබුණි.