තවමත් ලංකාව තුළ කොවිඩ් වෛරසය සමාජගත වී ඇතැයි විද්‍යාත්මකව තහවුරු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද (15) පැවසීය.
දැනට තැනින් තැන වාර්තාවන කොවිඩ් රෝගීන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආසාදිතන්ගේ මූලයකට සම්බන්ධ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ විද්‍යාත්මක ගණනය කිරීම් අනුව මේ නිගමනයට පැමිණ ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
“ලංකාවෙන් වාර්තාව වී ඇති මුලු කොවිඩ් ආසාදියන් ගණන 5170ක්. මින් 1720ක් ඉන්නෙ 33 වැනි පොකුරෙ. ඒ කියන්නේ මිනුවන්ගො බ්‍රැන්ඩික්ස් ආයතනයෙ පොකුරෙ. තවමත් මේ රොගීන් වාර්තා වන ප්‍රමාණය යම් කිසි සම්බන්ධයක් තියනවා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස පොකුරට. මේ නිසා අපි තරයේ විශ්වාස කරනවා තවමත් රෝගය සමාජ ගත වෙලා නෑ, මේක විද්‍යාත්මක තහවුරු කිරීමක්.“
“ අද මේ වනවිට කොවිඩ 49ක් වාර්තා වුනා. අප ඔබට යළිත් අවධාරණය කරනවා මුඛ පළඳින්න. මුඛ ආවරණයක් තියනවා නම් ඔබට කොවිඩ් වැළඳිමට ඇති අවදානම සියයට 70ක් අඩුයි.
හැකි පමණින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම. අත් සේදීම. ඇස් නාසය මුඛය අත් නොතිබීම ගැන සිහි තබා ගන්න. මෙවර ආසාදනය වන වෛරසයේ ප්‍රබලතාවය මීට පෙර තිබුණු වෛරස් ප්‍රභේදයට වඩා වැඩියි. එය පිලිගන මේ වෛරසයට හසු නොවී ජීවත් වීමේ පිළිවෙතට අනුගත වන්න.“
මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේය.