කොවිඩ් ආසාදිත යැයි සැක සහිතව ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික උණ රෝහලෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.
මේ තැනැත්තා පලාගොස් ඇත්තේ ඊයේ අලුයම පලා ආ කොවිඩ් ආසාදිතයාටත් පෙර බවත් ඔහු පලාගොස් ඇත්තේ පසුගිය 23 දා රාත්රියේ බවත් නිල නොලත් රෝහල් ආරංචි මාර්ග කියයි.
පලාගොස් ඇති 22 හැවිරිදි තරුණයා නිවසක් කොල්ලකෑම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අඹිලිපිටිය ප්රදේශයේ අයෙකි. උණ රෝග ලක්ෂණ පෙන්වීමත් සමග ඔහුව අයි.ඩී.එච් රෝහලට යොමු කර නිරෝධායනය කරීමෙන් අනතුරුව පීසීආර් පරීකෂණයකටය යොමු කර තිබේ.
මේ තැනැත්තා පලාගොස් ඇත්තේ එම වාර්තාව ලැබෙන තෙක් රෝහල් වාට්ටුවක රඳවාගෙන සිටියදී ය.
මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් දියත් වී ඇති අතර අයි.ඩී.එච් රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු යොදා තිබේ.