පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩුදුන් කෘඩියා සෙලනිකා ශාඛය ඇතුළු මෙරට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක වර්ග 03ක් අලුතින් 2020 රතු දත්ත පොතට ඇතුළත් කර තිබේ.
ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පවසන පරිදි එම ශාඛ පහත පරිදි වේ.
01 රිනෝරියා බෙංගාලන්සි
02 රිනෝරියා ඩෙකොරා
03 කෘඩියා සෙලනිකා
මිට ඉහත දි වඳ වී යාමේ තර්ජනයට ලක්වන බවට රතු දත්ත පොතට ශාක වර්ග 05 ක් ඇතුළත් කර තිබුණි.
මෙවර එය සංශෝධනය කර ඇත.
රතු දත්ත පොතට ඇතුළු වන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ත්ව කොටස් ය.
ලෝකයේ විවිධ පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන වඳ වී යන සත්ත්ව ශාක ප්‍රජාව සංගණනයකට ලක් කොට ඒ කෙරෙහි අවධානය යොමු කිරීම හා අදාළ සත්ත්ව වර්ග රැක ගැන ගැනීම මෙහි අරමුණ ය.